මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පරයි… දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන්න

මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පරයි… දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන්න
Spread the love

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු එම දඬුවමින් නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය යළි අද(27)  විභාගය ගැනීමට නියමිතය.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන , නලින් පෙරේරා සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් ඊයේද(26) විභාගයට ගන්නා ලදි.
මෙහිදී  විත්තිකාර දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා මහාධිකරණයේ පැවති නඩු විභාගයේ සාක්ෂි එකිනෙකට පරස්පර බැවින් මෙය සාධාරණ නඩු තීන්දුවක් නොවන බව කියා සිටි අතර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව මත මරණීය දණ්ඩනයක් පැනවීම නීතියට පටහැනි බවත් එම දඩුවම් අහෝසි කර විත්තිකරු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන මෙන්ද ඉල්ලා ඇත.