අලුත් වු කටුනායක ධාවන පථය අද සිට යලිත් සේවයට..

Spread the love
අබලන් වීම නිසා  නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථය විවෘත කර තිබෙන අතර ධාවන පථය විවෘත කරමින් ඉන්දියාවේ  ත්‍රිවේන්ද්‍රන් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.1162 යානය ගොඩබැස්සු බව  සදහන්.
ධාවන පථයේ නවීකරණ කටයුතු සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 750ක් වන අතර  චීන සමාගමක් විසින් එහි නවීකරණ කටයුතු සිදුකර ඇති බව වාර්තා වෙයි.
 ධාවන පථය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හා කුවේට් තානාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. 
[rns_reactions]