එකාබද්ධයේ කචල් නිසා මැතිසභය හෙට දක්වා කල්යයි..

Spread the love

ලියාපදිංචි පක්ෂයක් නොව ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ කාලය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් වචන හුවමාරු හා නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවට හෙට දිනට කල් තබා තිබෙන බව අපට වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක ලෙස හදුන්වාගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට විනාඩි 30ක කාලයක් කථානායකවරයා විසින් ලබාදී තිබුණු අතර කතාකිරිමට තරම් අවශ්‍ය සාක්ෂි හෝ පදනමක් ඔහුුට නොතිබු බැවින් එම කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරුණු අතර ඒ අනුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට දිනයට කල්තැබීමට තීරණය කළ බව සදහන්.