බංගලියන් දිනවු හතුරු ගැන මිතුරු ගුරුසිංහ කියපු දේ මෙන්න..

Spread the love

ඊයේ දින නිමාව දුටු ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය දැක්වූ දක්ෂතා පිළිබඳව තමන් පුදුම නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසන අතර වැඩිදුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ ඔවුන් දක්ෂතා දක්වන බවයි.

ඔහුගේ පුහුණුකාරිත්වය පිළිබඳ ලාංකිකයෙක් හා මිත්‍රයෙක් ලෙස තමන් සතුටුවෙන බව අසංක ගුරුසිංහ පවසනවා.

චන්දික හතුරුසිංහ 1986 වසරේ සිට තමන් දැන සිටි බවත්19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන කාලයේ සිට ඉහළ ක්‍රිකට් දැනුමක් තිබූ බවත් ඔහු පෙන්වා දෙනවා.

2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා කණ්ඩායම ගෙනයාමේ වගකීම හතුරුසිංහට පැවරී ඇති බවත් චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට පැමිණිය හොත් හොඳ ස්ථානයකට යාමට ලංකාවට හැකිවනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ වැඩි දුරටත් සඳහන් කළා.

[rns_reactions]