ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ට්‍රම්ප්)

Spread the love

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්පුර්ණ වාර්ෂික ජනාධිපති වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරනු ඇති බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු නිවේදනය කරයි.

ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් පැවසුවේ ඒ අනුව ඩොලර් ලක්‍ෂ හතරක මුදලක් වසර අවසානයේදී පුණ්‍යායතනයකට පරිත්‍යාග කිරීමට නියමිත බවයි.

තමා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුවහොත් එම රාජකාරි සඳහා වෙන්වූ වැටුප ලබා නොගන්නා බව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.