කුරුණෑගල මහින්ද ගෙදර යයි. නායකත්වය අනුරට..

Spread the love

ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කල  කුරුණෑගල දිස්ත්‍රික්කයට  නිදහස් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  නව සංවිධායකවරු පත්කර තිබෙනවා..

ජනාධිපතිවරයා ආසන හතක් සඳහා නව ආසන සංවිධායකවරුන් 7 දෙනෙකු හා දිස්ත්‍රික් සංවිධායකවරු 4 දෙනෙක් පත්කොට තිබෙන අතර දිස්ත්‍රික් නායක ලෙස අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පත්කොට ඇති අතර ඔහු කටුගම්පල ආසන සංවිධායකවරයායි.

යාපහුව ආසනයේ සංවිධායක ලෙස ටී.බී. ඒකානයක, දඹදෙණි ආසනයේ සංවිධායක ලෙස ශාන්ත බණ්ඩාර ,කුලියාපිටිය ආසනයේ සංවිධායක ලෙස අතුල විජේසිංහ ,ගල්ගමුව ආසනයේ සංවිධායක ලෙස තාරානාත් බස්නායක දොඩම්ගස්ලන්ද ආසනයේ සංවිධායක ලෙස නිමල් විජේසිංහ
සහ මාවතගම ආසනයේ සංවිධායක ලෙස ඩබ්ලිව්. උපුල් ප්‍රියන්ත පත්කර තිබෙනවා.

[rns_reactions]