මැතිව්ස් එපා.. අපි දිනනවා.. ක්‍රීඩකයන්ගේ ඉල්ලීම මත කළමණාකරු තීරණය කරයි..

Spread the love

එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේදී වර්තමාන ක්‍රීඩකයන්ගේ දැඩි ඉල්ලීම මත හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොමැතිව ක්‍රීඩා කිරීමට සැළසුම්කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු (ක්‍රිකට්) අසංක ගුරුසිංහ මහතා පැවසීය. .

“ඇන්ජලෝ වගේ ක්‍රීඩකයෙක් ඉන්න එක කණ්ඩායමට ලොකු හයියක්. නමුත් අපි අලුත් ක්‍රීඩකයන්ගේ ඉල්ලීම මත සැලසුම්කරගෙන තියෙනවා ඇන්ජලෝ නැතුව ක්‍රීඩා කරන්න.  ඇන්ජලෝ වගේ කෙනෙක් පොඩ්ඩක් එළියේ ඉන්න ඕනේ..

අසංක ගුරුසිංහගේ සමකාලීනයකු වන බංග්ලාදේශ පිලේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පිළිබඳව කළ විමසුමේදී ගුරුසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.

“චන්දික හතුරුසිංහව මම පළමුවෙන්ම හඳුනාගත්තේ 1986 වසරේ. වයස 19 න් පහළ කණ්ඩායමේ මම නායකයා ලෙස කටයුතු කරන කාළේ සිට මම ඔහුගේ ක්‍රිකට් දැනුම අවබෝධකරගත්තා”

“ඔහු බංග්ලාදේශ කණ්ඩායම සමඟ කරලා තියෙන දේ ගැන මට කිසිම පුදුමයක් නෑ. ලාංකිකයෙක් ඒ වගේම යාළුවෙක් හැටියට මම සතුටු වෙනවා හතුරුසිංහ අවුරුදු තුනක් හතරක් ඇතුළත බංග්ලාදේශ කණ්ඩායම ගෙනත් තියෙන තත්ත්වය ගැන. ඔහු සාර්ථකව කාර්යය කරනවා”

“ඔහුගේ සහ අපේ පුහුණුකරුවොත් 2019 දක්වා ගිවිසුම්වලට බැදිලයි ඉන්නේ. කවදා හරි දවසක එයා ලංකාවට ආවොත් හොඳ වෙයි”

ශ්‍රී ලංකා පිලේ වර්තමාන පරාජ වැළට හේතුව ගුරුසිංහ මහතා මෙසේ පැහැදිළි කළේය.

“අපි තුන්වැනි එක්දින තරගය සහ පළමු විස්සයි20 තරගය හොඳට කරලා. මේ තරගය හොඳට කළේ නෑ. අපේ පළමු පිතිකරුවන් පස් දෙනාගෙන් ගොඩක් ලකුණු ලබාගන්න ඕනේ. එතනින් ලකුණු ආවේ නැත්තන් ඕවර 50 ක් ක්‍රීඩා කරන්න ආමාරු වෙනවා. ඒක තමයි අපේ ප්‍රශ්නේ”

“අපි ජය ලබන තරග බැලුවම උඩ පස් දෙනාගෙන් දෙන්නෙක් විතර ලකුණු අතරට එනවා. ඒ නිසා ඕවර 50 යනවා. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ හොඳට කරනවා නම් පළමු පිතිකරුවන් පස් දෙනා ලකුණු අතරට එන්න ඕනේ”

ලසිත් මාලිංග නැවතත් එක්දින පිටියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද? යන ප්‍රශ්නයට ගුරුසිංහ මහතා මෙසේ පිළිතුරු සැපයීය.

“ලසිත් මාලිංග අපිත් එක්ක හොඳ අබබෝධයකින් ඉන්නවා. ඔහු හොඳ මානසික තත්ත්වයකත් ඉන්නවා. ඇත්තටම ඔහුට එංගලන්තයට යන්න අවශ්‍යතාවක් තියෙනවා. ඔහු මට කිව්වා අයි.පී.එල්. එකේ මුල කාළේ ක්‍රීඩා කරන විට එක්දින තරගවලට ක්‍රීඩා කරන්න හැකියාව තිබෙනවාද කියලා දැනෙන්න පුළුවන් කියලා”

“මොකද එක්දින තරගයකදී ඕවර 10 ක් පන්දු යවන්නත් ඕනේ, ඕවර 50 ක් පන්දු රකින්නත් ඕනේ. ඒකයි එයාට තිබෙන බය. වෙන ප්‍රශ්නයක් නෑ. අප්‍රේල් අන්තිම වගේ වන විට අපිට හොඳ ආරංචියක් එයි කියලා අපි බලාගෙන ඉන්නවා”

[rns_reactions]