කොළඹ ජාතික රෝහලේ ඉදිකෙරෙන මහල් 09කින් සමන්විත ගොඩනැගිලි සංකිර්ණය සඳහා මුල්ගල තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) සිදු කර තිබේ.
එම අවස්ථාව සඳහා මහජන චීන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති යූ සෙන්ෂෙන් මහතා ද එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ල සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 100කි.
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ පවතින දැඩි තදබදයව අවම කිරීම සඳහා ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී චීන රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
[rns_reactions]

