මහින්ද රජයේ මනුෂ්‍ය ඝාතන හෙළි කරන්න සුදානම් – ඇමති රාජිත..

Spread the love

මහින්ද රජය විසින් සිදු කළ මනුෂ්‍ය ඝාතන, දුෂණ හා වංචා පිළිබඳ සියළු තොරතුරු රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කැබිතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය විවෘත කිරීමෙන් පසු සඳහන් කළා.

එම හෙළිදරවිවෙන් පසු එකාබද්ධ විපක්ෂයේ ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන බවත් ලබන මැයි මස පළවනිදා ගෝල්ෆේස් පිටියට පැමිණීමෙන් පසු රාජ්‍ය ආයතන වටලන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ගාලුමුවදොර පිටිය ආසන්නයේ මාර්ග රැසක් ඇති බැවින් එවා වැටලීමට හැකියාවක් ඇති බව ඇමතිවරයා සදහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන අයුරින් ජනතාව එයට සහභාගි නොවනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

[rns_reactions]