කුරුණෑගල ජයගන්නට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව දිස්ති‍්‍රක් සංවිධායකවරු සහ ආසන සංවිධායකවරු ජනපති අතින් පත්වීම් ලබයි..

Spread the love

කුරුණෑගල දිස්ති‍්‍රක්කය සඳහා පත් කෙරුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව දිස්ති‍්‍රක් සංවිධායකවරු සිව් දෙනෙකු සහ ආසන සංවිධායකවරු හත් දෙනෙකු (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

මේ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ති‍්‍රක් නායක ලෙස අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පත් කර තිබේ.

සෙසු පත්කිරීම් පහත පරිදි වේ.

01- කටුගම්පල ආසනය – අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා
02- යාපහුව ආසනය – රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකානයක මහතා
03- දඹදෙණිය ආසනය – ශාන්ත බණ්ඩාර මහතා
04- කුලියාපිටිය ආසනය – අතුල විජේසිංහ මහතා
05- ගල්ගමුව ආසනය – තාරානාත් බස්නායක මහතා
06- දොඩම්ගස්ලන්ද ආසනය – නිමල් විජේසිංහ මහතා
07- මාවතගම ආසනය – ඩබ්ලිව්. උපුල් පි‍්‍රයන්ත මහතා

නව දිස්ති‍්‍රක් සංවිධායකවරු

08- උපුලාංගනී මාලගමුව මහත්මිය
09- නිලන්ත සුපුන් රාජපක්ෂ මහතා
10- එස්.එම්. සෆ්රාස් මහතා
11- සරත් රත්නායක මහතා

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය.

 [rns_reactions