සුපිරි ඩිවිලියස් පරදා අම්ලා – මැක්ස්වෙල් පන්ජාබ් පිලට ජය ගෙනෙති..

Spread the love

පන්දු 38 කදී ලකුණු 58 ක් රැස්කළ හසීම් අම්ලාගේ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් ඇතුළත් විය.

පළමු කඩුල්ල සදහා පන්දු 36 කදී ලකුණු 62 ක සම්බන්ධතාවයක් පැවැත්වූ හසීම් අම්ලා තෙවැනි කඩුල්ල සදහා ග්ලේන් මැක්ස්වෙල් සමගින්ද පන්දු 38 කදී ලකුණු 72 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීය.

වේගවත් පිතිහරඹයක නිරතවූ ග්ලේන් මැක්ස්වෙල් හතරේ පහර තුනක් සහ හයේ පහර හතරක් සමගින් පන්දු 22 කදී නොදැවී ලකුණු 43 ක් රැස්කිරීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148 ක් පමණි.  ඒ.බී. ඩිවිලියර්ස් අවසන් ඕවර කිහිපයේදී වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් පන්දු 46 කදී හයේ පහර නවයක් සහ හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 89 ක් රැස්කිරීමට සමත්විය. සිවුවැනි කඩුල්ල සදහා පන්දු 41 කදී ලකුණු 80 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඒ.බී. ඩිවිලියර්ස් සහ ස්ටුවර්ට් බිනී සමත්වූහ.

පළමු ඕවර 15 තුළදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 71 ක් වුවද අවසන් ඕවර 5 තුළදී ලකුණු 77 ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය ලැබූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ නායක ෂේන් වොට්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

රෝයල් චැලේන්ජර්ස් – ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 148
(ඒ.බී. ඩිවිලියර්ස් නොදැවී 89, මන්දීප් සිං 28, වරුන් ඒරන් 21/2)

කිංග්ස් XI පන්ජාබ් – ඕවර 14.3 කදී කඩුලු2 ක් දැවී ලකුණු 150
(මනන් වෝරා 34, හසීම් අම්ලා නොදැවී 58, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 43)

Posted by Sri Lankan Hot TV News on Monday, April 10, 2017

[rns_reactions]