පිස්සු නැටු ජොනි කුරුණෑගලින් දොට්ට.. නව පත්වීම් රැසක්..

Spread the love

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායක ධුරයෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඉවත් කර තිබෙන අතර  ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකයි.

මේ අතර කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් සිව් දෙනෙකු සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ පත්වීම් ලිපි ලබා ගත්තා.

ඒ අනූව බිංගිරිය ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ ධර්මසිරි දසනායකයි. අමාත්‍ය දයාසිරි ජයසේකර පඬුවස්නුවර ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණු අතර ජයරත්න හේරත් පොල්ගහවෙල ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණා.

කුරුණෑගල ආසනයේ සංවිධායකවරයා ලෙස පත් කෙරුණේ ලක්ෂ්මන් වෙඬරුවයි. නව දිස්ත‍්‍රික් සංවිධායකවරුන් ලෙස ගුණදාස දෙහිගම, අනුරාධ සම්පත් හේවගේ සහ එම් එස්.එම් ෆාහිල් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. 

[rns_reactions]