උදාවන සිංහල දමිළ නව වසරට ජනපති මෛත්‍රීගෙන් සුභාසිංශන..

Spread the love

2017 සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තම සුභ පැතුම් එක්කර ඇත.

” සූර්ය සංක‍්‍රාන්තියට අනුගාමීව සිදුකෙරෙන සියලු චාරිත‍්‍ර වාරිත‍්‍රයන්හි පොදු අපේක්ෂාව තුළ කැටපත් වන්නේ, පසුගාමී චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කිරීම බවත් අලුත් අවුරුද්ද සැබැවින්ම අපගේ ජීවිතවලට නව සමාරම්භයක් වන්නේ අප එලෙස අලුත් වීම තුළය.” යනුවෙන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නව අවුරුදු පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.

‘ දිනාගත් ජයග‍්‍රහණ වඩාත් හරවත් කරමින්, සංහිඳියාවෙන්, සහජීවනයෙන් වඩාත් ශක්තිමත්ව නැගී සිටින රටක් ලෙස එළැඹි අලුත් අවුරුද්දේ පෙළගැසෙමුය යන්න අපේ අලුත් අවුරුදු අධිෂ්ඨානය බවට පත්කර ගන්නා අතරම එතෙර මෙතෙර වෙසෙන සමස්ථ ශී‍්‍ර ලාංකිකයන්ට සෞභාග්‍යමත්, සාමය, සතුට පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා !” යනුවෙන් එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

[rns_reactions]