මහින්ද අදත් කට්ටි පනී….

Spread the love

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවීමට නියමිතව තිබුණා.ඒ  රූපවාහිනි සංස්ථාවට සිදුකළ බව කියන මූල්‍ය  හානියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව  ප්‍රකාශයක් ලබාගැනීම සඳහා  බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.

2015 වසරේ ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දැන්වීම් විකාශනයේ දී  රූපවාහිනි සංස්ථාවට සිදුවු බව කියන මුල්‍ය හානියට අදාළව එම ප්‍රකාශය ලබාගැනීමට නියමිත වූ  අතර ඒ අනුව අද  පෙරවරු 10.00ට බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී තිබේ

නමුත් අද දිනයේ මහින්ද රාජපක්ෂ මහතා  නීතිඥයකු මාර්ගයෙන් දන්වා ඒවා තිබුනේ මහින්ද මහතා හට නොවැලැක්විය හැකි හේතුවක් නිසා කොමිසම හමුවේ පෙනී නොසිටිමට නොහැකි බවයි. ඒ අනුව අදාල නඩුව ලබන 24 දින  නැවත කැදවීමට නියමිතයි