මහින්දානන්ද අලුත්ගමගේගේ සමීපතමයකු යැයි කියන පුද්ගලයකුට අයත් හලාවත ඉන්ධන පිරුවුම්හලක අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ යටපත් කිරීම සදහා තෙල් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන ඛනිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ වැඩිමහල් සොහොයුරෙකු වන ධම්මික රණතුංග විසින් කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.
සංස්ථාවේ සේවකයින් පවසන්නේ නිශාන්ත රණතුංගගේ මැදිහත් වීම මත එම බලපෑම සභාපතිවරයා විසින් කරන බවයි. හලාවත ඉන්ධන පිරුවුම්හල තෙල් සංස්ථාවට අයත් වූවකි. එය මහින්දානන්ද අලුත්ගමගේ සමීප හිතවතා අත්පත් කරගෙන ඇත්තේ නීත්‍යානුකූල ලෙස නොවේ. ඒ ගැන පරීක්ෂණ කිරීම සදහා විෂයභාර ඇමති අර්ජුන රණතුංග යටතේ ක්‍රියාත්මක විමර්ශන ඒකකය පසුගියදා එම ඉන්ධන පිරුවුම් හලට ගොස් ඇත.
ඒ වන විටත් එහි තිබූ ඉන්ධන පොම්ප අටෙන් හයක්ම සකසා තිබුනේ අඩුවෙන් තෙල් ගැසීමට හැකි අයුරුනි. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ මුද්‍රා පවා එම පොම්පවල නොවීය. ටෙස්ට් රන් පවා කර තිබෙනේ නැත.
කෙසේ වෙතත් සභාපතිවරයාගේ රියදුරා මෙම ඉන්ධන හලට නිතර යන එන අතර මත්පැන් බෝතල්ද ලබා ගෙන තිබේ. ඊට අදාල දර්ශන සි සි ටී වී වල දක්නට තිබේ. ඒ අනුව අමාත්‍යාංශයේ නිලධාරීන් සමග එක්ව සංස්ථාවේ විමර්ශන නිලධාරීන් එම ඉන්ධන හල සීල් කිරීමට තීරනය කර ඇතත් නිශාන්ත රණතුංග මහින්දානන්ද අලුත් ගමගේ ඉල්ලීම මත කුප්‍රකට ධම්මික රණතුංග විසින් එය අත් හිටුවා තිබේ.
එසේම එම පරීක්ෂණය කල අමත්‍යාංශ නිලධාර්න්ට හා ඊට සහභාගි වූ සංස්ථාවේ නිලධාරීන්ට විරුද්ධව එම ඉන්ධනහල වැටලුවේ ඇයිදයි අසමින් ප්‍රති විමර්ශනයක් අරඹා තිබේ.
එ අනුව ගුණතිලක යන අයගේ වැඩ තහනම් කිරීමට මෙම කුප්‍රකට සභාපතිවරයා කටයුතු කර ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් වැඩ වර්ජනයකට යාමට වත්තීය සමිති ක්‍රියා කරමින් සිටී. මහින්දානන්ද අලුත්ගමගේ සහ නිශාන්ත රණතුංග සමීප මිතුරෝය. පොහොට්ටුවේ න්‍යාය පත්‍රය අනුව යමින් දම්මික රණතුංග හරහා නිශාන්ත රණතුංග තෙල් සංස්ථාවේ කටයුතු කඩාකප්පල් කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරමින් සිටින බවද තෙල් සේවකයෝ චෝදනා කරති.

