රජයේ නියෝගය පරිදි තමන් තම නිවාස වලින් ඉවත්වීමට සුදානම් වෙද්දී මැතිසබය නියෝජනය කරන එක්තරා දේශපාලකයෙක් දින දෙකකට පෙර එම ස්ථානයට පැමිණ එම ස්ථාන වලින් ඉවත් නොවන ලෙස දැන්වූ බව මීතොටමුල්ල ජනතාව අහසට දෑත් දිගුකර හෙන ඉල්ලමින් පවසයි..
එම ස්ථානයට ගිය ඇප වාර්තාකරුට එම ස්ථානයේ සිටි අයෙක් පැවසු අදහස් මෙසේය..
මහත්තයෝ අපිට අයින්වෙන්න කියල රජයෙන් නියෝගයක් ආවා. අපි දවස් 4ක ඉදන් ගෙවල් වලින් අයින් වෙන්න ලස්තිවේවි ඉන්න කොට කොළොන්නාවේ කුණු කන්ද විකුණගෙන කණ කාලකන්නියා ආවා අපිව බලන්න. කොලොන්නාව නගර සභාවේ කිහිප දෙනෙකුත් ආව. උ කිවුව අපිට අයින් වෙන්න එපා මම ඔයාලගේ ප්‍රශ්නේ විසදනවා කියලා. ඔයාල අයින් උනොත් ඔයාලට සත පහක් හම්බවෙන්නේ නෑ කියලත් මු කිවුවා මහත්තයෝ. අපි එකයි ගියේ නැත්තේ මහත්තයෝ. නැත්නම් අපි අයින් වෙනවා. අපිව රවට්ටපු මූට හෙනගහනවා.
මෙම කතාව සත්‍යයක් නම් මාධ්‍ය සංදර්ශන කරමින් කුණු කන්ද විකුණගෙන කණ අදාළ දේශපාලකයා අහිමිවූ මිනිස් ජීවිත වල වගකීම භාරගතයුතු නොවේද? යන ප්රශ්නය ඇප ඔබ වෙත යොමුකරන්නෙමු..
[rns_reactions]

