මේ දිනවල තමන් අසනීප තත්වයෙන් පෙළුනද කොළොන්නාවේ ජනතාව ව්‍යසනයකට ගොදුරු වූ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් තම උපරිමයෙන් සහන සැලසීමට කටයුතු කරන බව කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි පවසයි.
අප පුවත් අංශය කල විමසීමකදී ඔහු දැක්වූ අදහස් මෙසේය..
මෙම සිදුවීම වෙද්දී මම අසනීප තත්වයෙන් නිවසේ හිටියේ. සිද්ධිය සැලවූ විගස මම ජනාධිපතිතුමා අමතා සහය ඉල්ලා සිටියා.හමුදා සහය බැකෝ ලැබුනේ එම ඉල්ලීමේ ප්‍රතිපලයක් ලෙස. මිනිස්සු මේවා දන්නේ නෑ. මේවා කියලා මාධ්‍ය සංදර්ශන කරන්න මට අවශ්‍යයත් නෑ.
මොන පක්ෂේ උනත් මේ අසරණ වෙලා ඉන්නේ මම හැදුනු වැදුණු කොළොන්නාවේ මගේ මිනිස්සු. ඊයේ හවස අපි කොලොන්නාව විමලාරාම විහාරයේ විශේෂ සාකච්චාවක් තිබ්බා. කවිදජ හිමියන්ගේ මුලිකත්වයෙන් පැවතී එම සාකච්චාවේ තීරණාත් අපි අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා..
සමහරු වගේ කුණු කන්ද ඉදිරියට ගිහින් මයික් කටවල් වලට යටිගිරියෙන් කෑගහලා කරන මාධ්‍ය සංදර්ශන මට අවශ්‍ය නෑ. මාගේ අසනීප තත්වය නොවන්නට මම ඊයේ ඉදන් ඔය ස්ථානයේ. මේක මගේ ගම. ගමේ මිනිස්සුන්ට කරදරයක් උනාම මට රිදෙන තරම් ඔය පිටින් ඇවිත් දගලන ඔය මිනිස්සුන්ට දැනෙන්නේ නෑ. එකයි වෙනස..
මිනිස්සුන්ට සහන සලසනවා ඇරෙන්නට ඔතන මාධ්‍ය සංදර්ශන හෝ දේශපාලනය කරන්නට මම සුදානම් නෑ.. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියන බණ්ඩාරනායක ප්‍රතිපත්තියේ සිට මම ආපදාවට පත් සියලුම ජනතාවට මගේ උපරිමයෙන් සහන ලබාදෙනවා..
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දැනට අවතැන්වී සිටින ජනතාවට ආහාර සැපයීමේ වැඩසටහනක්ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සදහන්..
එහි චායාරූ අපට ලැබී ඇත..
[rns_reactions]









