එම්.එච්. ජයවර්ධන ශුරීන් දායාද කළ සොඳුරු විශිෂ්ට නිර්මාණ එකතුව (වීඩියෝ)

එම්.එච්. ජයවර්ධන ශුරීන් දායාද කළ සොඳුරු විශිෂ්ට නිර්මාණ එකතුව (වීඩියෝ)
Spread the love

මධුර ගී තනු රැසකින් යුගයක් රසාලිප්ත කළ සංගීතඥ එච්. එම්. ජයවර්ධනයන් ඊයේ (08දා) පෙරවරුවේ කලූබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත විය.

මිය යන විට හැට නව වැනි වියෙහි පසු වූ එච්. එම්. ජයවර්ධන මහතා 1950.03.17 දින සියඹලාණ්ඩුවේදී උපත ලැබීය. ඔහු පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. 

දිවංගත ජනප‍්‍රිය ගායිකා විශාරද මාලිනී බුලත්සිංහල එච්.එම්.ගේ බිරිය වූවාය. තරුණ පරපුරේ ගායන ශිල්පී කසුන් කල්හාර එච්. එම්. – මාලනී යුවළගේ පුතණුවන්ය.

එච්. එම්. තනු නිර්මාණය කරමින් සංගීතය සැපයූ ගීත සියල්ල අතිශයින් ජනප‍්‍රිය විය. 

ඔබයි රම්‍ය සඳ කිරණ ගණ අන්ධකාරේ, පෙම් ලොවදී දුටු ඔහුමද මේ, නවාතැන්පොළ ඔබයි ඔබගේ සිනාවයි, කඩමණ්ඩියේ දොළ අයිනේ, පිළිම නෙළා නැති විරුවන්, පේ‍්‍රමය නම් රාගයෙන් තොර, පූජාසනයේ ඔබ හිඳුවා, රජ මැඳුරක ඉපදී සිටියා නම්, හිමි සණරාමර, ඔබට මා ආදරය කළ බව මෙතරම්, අහසින් තරුවක් කඩා වැටෙනවා, දෙවොලේ නොකැළැල්, මළ පොතේ අකුරු බෑ කී මිනිහා, ඈ යන්න ගියා මැකිලා, මිනිසෙකු පිට නැගි අසරුවෙකි, ළා දලූ බෝපත්, නුඹේ සිතට පුන් ස`ද පායලා වගේ, රත්තරන් නෙත් දෙකින්, ඔබ හා මෙමා වැනි අතිවිශාල ගීත සංඛ්‍යාවක තනු හා සංගීතය නිර්මාණය කළ එච්. එම්. චිත‍්‍රපට දොළහක පමණ සංගීතය නිර්මාණය කළේය.

ඔහු දක්ෂ බටනළා වාදකයකු මෙන්ම ගායකයකු ද වේ. ඉතා නිහඬ ජීවිතයක් ගත කළ එච්. එම්. කලක සිට රෝගාතුරව සිටියේය. ඔහුගේ අසනීප තත්ත්වය වැඩි වීම නිසා මීට දින කිහිපයකට පෙර කලූබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහුගේ වියෝව සිදු වූයේ එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.

අවසන් කටයුතු හෙට (10 වැනිදා) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. දේහය දැනට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.