ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට පුළුල් පෙරමුණක් ලෙස සන්ධාන ගත වීම සඳහා ශ්‍රිලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තවදුරටත් සාකච්ඡා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
තිස්සමාහාරාම රජමහා විහාරයේ (11) පැවති අළුත් සහල් මංගල්‍යයට එක්විමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
තුන් වන දිනයටත් ඊයේ පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති බවත් ඒවා අසාර්ථක ද යන්න මාධ්‍යවේදීන් මෙහෙදී විමසා සිටියේය. එහිදී කියා මන්ත්‍රීවරයා කියා සිටියේ, ලබන 10 වන දිනත් සාකච්ඡා පැවැත්වෙන බැවින් එවැනි අසාර්ථකත්වයක් නොමැති බවයි.
ජනාධිපතිවරණය හෝ පැවැත් වීමට නියමිත ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම සාකච්ඡා පැවැත් වෙන බවත්, පෙරමුණක් ලෙස ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ජී.එල්.පීරිස් මහතා කළ කථාව ඉතාම බාධාවක් බවත්, ඉවසීමෙන් යුතුව ඉදිරියට යන බවත් එකතු වුවහොත් ජයග්‍රහණය කරන බවත්, නැතිනම් පරාජය විය හැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

