මේ දිනවල නැවතත් ආණ්ඩු වෙනසක් සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා ගැන මාධ්‍ය විසින් වාර්තා කර තිබූ බවත් යලිත් අගමැති ධූරය භාර ගන්නේදැයි එහි සිටි පුද්ගලයෙකු මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ‘බුදු අම්මෝ මට නම් ඒක එපා’ යනුවෙනි.
මහ මැතිවරණයකින් තොරව තමනට නැවත අගමැතිකම කිසිසේත් ම උවමනා නැති බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
තංගල්ල කාල්ටන් නිවසේ එහි පැමිණි අමුත්තන් හා සාකච්ඡා කරමින් සිටියදී රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.
කෙසේ වෙතත් ශක්තොම්බර් 26 වැනිදා අගමැති ධුරය බාර ගත් නිසා රටට ජයග‍්‍රහණ ගණනාවක්ම අත් වූ බවත් කී ඔහු නැවත අගමැති වන්නේ මහ මැතිවරණයකින් පසුව බවද පැවසීය.