පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවී දුන් පොලු පහර

පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවී දුන් පොලු පහර
Spread the love

මේ දිනවල ඇතැම් අය විවිධ කතා කියාගෙන ගිය ද ඊට පිළිතුරු දීම අවශ්‍ය නොවන බවත් පිස්සු බල්ලෙක් හපා කෑවාට තමන් පෙරළා පිස්සු බල්ලා හපන්නේ නැති බවත් එජාප උපනායක විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්දයෙන් මාධ්‍ය විසින් විමසද්දී ඔහු මේ බව කියා සිටියේය.

කුමන තරාතිරමේ අයෙකුට වුවද දෙ‍්‍රා්හී වීමට ඉඩ නොතබන බවත් කුමන්ත්‍රණයක් සිදු කිරීමට ඉඩ දෙන්නේ නැති බවත් කී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් ඇති කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන බවද පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.