රණතුංග සහ සහෝදර සමාගමේ ඔත්තුකාරයා කණ්ඩායමට ඇතුලත් නොවීමෙන් අර්ජුන කිපෙයි; යන එන පන්සලක්, හන්දියක් ගානේ අපේ ටීම් එකට ශාප කරයි

රණතුංග සහ සහෝදර සමාගමේ ඔත්තුකාරයා කණ්ඩායමට ඇතුලත් නොවීමෙන් අර්ජුන කිපෙයි; යන එන පන්සලක්, හන්දියක් ගානේ අපේ ටීම් එකට ශාප කරයි
Spread the love

පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමුහිකත්වය බිඳදමමින් කණ්ඩායමේ එකිනෙකා අවුලුවාලන්ට ඩ්‍රසින් රූම් එකේ වෙන දේ පටන් අර්ජුන, නිශාන්ත ඇතුළු රණතුංග පවුලේ සහෝදර සමාගම අතට පත්විය. එම කේලාම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් එකිනෙකා කොටවමින් ජයග්‍රහණය වෙනුවට පරාජය අත්කරදීමේ කුප්ප නීච වැඩ කිරීමට කුප්‍රකට අර්ජුන ඇතුළු රණතුංගලා සිය සහචරයෙකු ලෙස යොදාගත් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් සම්බන්ධයෙන් ඔවුන් දැඩි කලබලයට පත්ව ඇත.

තමන්ගේ පිංපියෙකු කරගත් දිනේෂ් චන්දිමාල්ව නිසි සුදුසුකම් නොමැතිවීම හේතුවෙන් තේරීම් කමිටුව විසින් ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා රණතුංග පවුලේ සහෝදර සමාගම කෙතරම් කලබලයට පත්වී ඇත්ද යන්න මනාව පෙනීයන්නේ රණතුංග පවුලේ සහෝදර සමාගමේ ප්‍රධානියා වන අර්ජුන මේ දිනවල තමන් යන පන්සලක්, හන්දියක් ගානේ සරම ඔලුවේ ඔතාගනිමින් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුල්කරන ලෙසට සිදුකරන බලපෑමෙනි. එම බලපෑම සහ අර්ජුන රෙදි නැතිව තම පිංපියා කරගත් චන්දිමාල් වෙනුවෙන් පෙනී සිටීම කෙතරම්ද යත් මෙවර ලෝක කුසලාන කණ්ඩායමට ඕවර් 50ක් වත් තරඟ කිරීමේ හැකියාවක් නැතැයි කියන තරමේ පහත් මට්ටමට අර්ජුන ඇඳවැටී තිබීමයි.

තම රණතුංග පවුලේ සහෝදර සමාගම යටතට ශ්‍රී ලංකා ක්‍රිකට් යටත් කොට ගිලගැනීමට නොහැකිවීමෙන් දැඩි කෝපයටත්, ආවේගයටත් පත්ව සිටින අර්ජුනලා, නිශාන්තලා, සංජීවලා වැනි රණතුංග පවුලේ උන් ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය නොව පරාජයම බව මෙයින් සක්සුදක් සේ පැහැදිලිය.