වර්තමානයේ රට තුළ මතුව ඇති තත්ත්වයට තමා ඇතුළු සියලු දේශපාලනඥයින් වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
නඩු කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මේ වෙලාවේදී එක්ව කටයුතු කළ යුතු බවත්, ඉන් පසුව ස්ථීර සාර විසඳුමක් සෙවිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එකිනෙකාට චෝදනා කර ගනිමින් බැන ගෙන මෙම කාර්ය නිසි ලෙස සිදු කළ නොහැකි බවත්, 2010 සිට වර්ධනය වී ඇති මෙම ගැටළුව වත්මන් ආණ්ඩුවේ ඇති නොසැලකිල්ල හේතුවෙන් සිදුව ඇති බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඇඟිලි දික් කර ගෙන වැඩක් නොමැති බවත්, වත්මන් තත්ත්වය මැඩ පැවැත් වීමට සියලු දෙනා එක් වන බව ද පැවසීය. දේශපාලඥයින් අසාර්ථක බවත් කියා සිටි මන්ත්‍රීවරයා, වසර 70 තුළම දේශපාලඥයින් තමයි රට කෑවේ යනුවෙන් ද කියා සිටිමින් තමා ද එහි කොටස්කරුවෙක් බව පැවසීය.

