පසුගිය 12 වනදා රාත්‍රියේ මිනුවන්ගොඩදී ගැටුම් ඇවිලී යන අවස්ථාවේ ජාතිවාදී අන්තවාදය ඇවිලවීමේ ගෝඨා පාර්ශවයේ නියෝජිතයෙකු වන පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද එම ප්‍රදේශය පුරා සැරිසරන බව සාක්ෂි සහිත වීඩියෝ දර්ශන සමඟින් හමුව තිබේ.
ප්‍රදේශයේ ජනතාව කුපිත කොට මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කිරීම සඳහා මධුමාදව එම ප්‍රදේශයට ගොස් ඇත්දැයි මේ වනවිට සැකයක් ඇති වී තිබේ.
ඔහු ගැටුම් ඇති වූ ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් සමඟ ගැටුමට මොහොතකට පෙර සාකච්චා කරමින් සිට ඇති බවද, එම තරුණයන්ද මෙම ගැටුම් වලට සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතී.
එදා මෙදා තුර ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් මාධ්‍ය ඉදිරියේ වීරයෙකු වීමට දඟලන මධුමාදව වැන්නවුන් මෙවැනි දේවල්වලට සම්බන්ධ වීම අරුමයක් නොවන අතර ඔවුන් එදා සිට ක්‍රියාකළේත්, ප්‍රාර්ථනා කළේත් මෙලෙස ජාතීන් අතර ගැටුම් අවුලුවමින් රට ගිනි තියා තම ජීවිකාවත්, ඊනියා ප්‍රතිරූපයත් වර්ධනය කරගැනීමේ මිලේච්ඡ අවස්ථා උදාවන තෙක් නොඉවසිල්ලෙන් සිටි බව නොරහසකි.

බලය පාදක කරගත් පටු දේශපාලන න්‍යාය පත්‍රමත සිදුවන මෙම මෙහෙයුමේ සිදුකළ මිලේච්ඡ සිද්ධිය අතේ මාට්ටු වුණු තැන, මධුමාදව අරවින්ද වැනි පාදඩයින් කියන්නේ, මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය දක්වා ගමන් කරද්දී පාරේ පැවැති මාර්ග තදබදය කුමක්දැයි බැලීමට වාහනයෙන් බැස ගිය බවත්, කලබලය පිටුපස තමන් සිටින බව දක්වමින් ඒ අතරතුර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවිවල පළ කර ඇති බවත්ය.
මෙවැනි කතා මධුමාදව ඔවුන්ගේ දේශපාලන කඳවුරේ වහලුන්ට කීවාට කම් නැත. එහෙත් මාධ්‍ය ඉදිරියේ මෙවැනි කතා කියා රටේ, ලෝකයේ ජනතාව ගොනාට ඇන්දවීමට මෙවැනි පාදඩ පාහරයින්ට නොහැක.

