බදියුදීන්ට එරෙහි විශ්වාසය නැති වු පළමු කරුණ ගම්මන්පිල කියයි

බදියුදීන්ට එරෙහි විශ්වාසය නැති වු පළමු කරුණ ගම්මන්පිල කියයි
Spread the love

පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු නිදහස් කිරීමට රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තමාට ප්‍රකාශ කළ බවට යුද හමුදාපතිවරයා විසින් සිදු කරන ප්‍රකාශය හරහා ඔහුට විරුද්ධව එල්ල වී ඇති විශ්වාසභංගයේ පළමු කරුණ ඔප්පු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

විපක්ෂනායක කාර්යාලයේ අද(22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයාට එරෙහිව චෝදනා 10කින් සමන්විත යෝජනාවක් කථානායකවරයාට බාර දුන් බවත් එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හේතා විතානගේ මහතා මෙම කරුණු සැබෑවක් නම් මෙයට එකඟ වීමට අපිත් කැමති යනුවෙන් සඳහන් කළ බව ද ගම්මන්පිල මහතා කියා සිටියේය.

මේ වන විට එහි තිබු පළමු චෝදනාව සත්‍යයක් බව යුද හමුදාපතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති බව ද ගම්මන්පිල මහතා පැවසීය.

යුද හමුදාපතිවරයා අපේ කෙනෙක් නොව ආණ්ඩුව විසින් පත් කරන ලද අයෙක් බව ද කියා සිටි ගම්මන්පිල මහතා, ඔහුගේ ප්‍රකාශයෙන් මෙම පළමු යෝජනාව සනාථ වු බව ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එනිසා හමුදාපතිගේ උත්තරය තුළම බදියුදීන් අමාත්‍යවරයා ත්‍රස්ථ සැකකරුවෙකු නිදහස් කර ගැනීමට බලපැම් කර ඇති බව ඉතා පැහැදිලි බවත්, එවැනි දෙයක් රට හමුවේ කීමට ඉදිරිපත් වීම ගැන හමුදාපතිට ස්තූතිවන්ත වන බව ද ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.