වසර ගණනකට පසු මහින්ද ෆොන්සේකාගේ පිට කසයි (වීඩියෝ)

වසර ගණනකට පසු මහින්ද ෆොන්සේකාගේ පිට කසයි (වීඩියෝ)
Spread the love

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇති ආණ්ඩුවේ සිටින එකම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ස මහතා පවසයි.

ඊයේ(23) රාත්‍රීයේ මහනුවර, ගැටඹේ ප්‍රදේශයේ පැවති මධ්‍යම පළාත් වෘත්තීය දේශකයන්ගේ හමුවීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දෙන විනයක් රට තුළ පැවතිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රටක ආරක්ෂාව නැතිනම් අනෙක් සියලු දේ කඩා වැටෙන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය.

වසර ගණනාවක් නොතිබුණ ආරක්ෂාව යළි ගොඩනගා බියෙන් තොරව ජීවත් වීමට හැකි යුගයක් තමා ලබා දුන් බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, මිනිස්සුන්ට තමා යුද්ධය ජයග්‍රහණය කරන බවට විශ්වාසයක් පැවති බව ද කියා සිටියේය.

දිනක් කැබිතිගොල්ලෑවේ බෝම්බ ප්‍රහාරය එල්ල කල අවස්ථාවේ තමා ආරක්ෂක මණ්ඩලයේ සිටි බවත් ඒ මොහොතේ සියලු දෙනා ජනතාව වෙත ගොස් මිනිස්සුන්ගේ බය නැති කල බවද හෙතෙම පැවසීය.

යුද්ධයක් පැවතියත් කිසිවිටෙකත් ජනතාවට බර පැටෙව්වේ නැති බව ද පැවසු විපක්ෂ නායකවරයා, එක් පැත්තකින් අද වන විට එය වැරදි බව හැඟෙන බවත් ජනතාවට දැනෙන්න දෙන්න ඕන බව ද පැවසීය.