ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවලදී මේ වන විට ප්‍රතිපත්තිමය කරුණු 25කට සහ සන්ධානයේ නාමයට මූලික වශයෙන් එම පක්ෂ දෙකෙහි නායකයින් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මූලික එකඟතාවයකට පැමිණ ඇතැයි ශ්රීලනිපය නියෝජනය කරමින් සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අනාවරණය කර සිටියේය.
මාස කිහිපයක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවල සත්‍ය තත්වය මෙහිදී මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේය.
මේ වන විට විවිධ පුද්ගලයින් විසින් තැන් තැන්වලට ශ්‍රීලනිප, පොහොට්ටු සාකච්ඡා අසාර්ථක වන බවට විවිධ මත පළකරමින් යනු ලබන අතර ඒවායේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මෙහිදී අනාවරණය විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩ නඟන සන්ධානයේ නම වන “ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ” යන්න පක්ෂ දෙකේම නායකයින්ගේ පූර්ණ එකඟතාවයෙන් අනුමත වී අවසන් බවයි.
එසේම මෙහිදී ශ්රීලනිපය සහ ශ්‍රීලපොපෙ අතර වූ සන්ධානය ගොඩනැගෙන අන්දම සහ මැතිවරණය සඳහා තරඟ කරන ආකාරයත්, ජනාධිපති අපේක්ෂකයා සහ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා සම්බන්ධයෙන් වන කරුණුත් අනාවරණය කර සිටියේය. ඒ සඳහා පහත වීඩියෝව නරඹන්න.

