බලෙන්ම තේරීම් කාරක සභාවට කැඳවා ගත් දයාසිරිගෙන් ෆීල්ඩ් මාෂල් ඉල්ලන් කයි (වීඩියෝ)

බලෙන්ම තේරීම් කාරක සභාවට කැඳවා ගත් දයාසිරිගෙන් ෆීල්ඩ් මාෂල් ඉල්ලන් කයි (වීඩියෝ)
Spread the love

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් වන තේරීම් කාරක සභාවට දැඩි බලකිරීමක් සිදුකොට කැඳවා ගත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රශ්නවලට අදාළව දයාසිරි මන්ත්‍රීවරයා ඔහුගෙන් සිදුකළ පෙරළා ප්‍රශ්න කිරීම් වලදී ෆීල්ඩ්මාෂල්වරයාගේ තරු ගැලවී කූජීතව යනු පෙනිණ.

ෆීල්ඩ්මාෂල්වරයාගේ ඉල්ලන් කෑම හමුවේ යන එනමන් නැති වූ තේරීම් කාරක සභාවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ පිළිගෙන අවසානයේ පාස්කු දින ප‍්‍රහාරය සිදු වූ දා සහ ඊට පෙරදින රැයේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ කාමරවල සිටි අය සහ ආහාර ගැනීමට පැමිණ සිටි අය කවුරුන්ද යන්න පිළිබඳ විශේෂ කාරක සභාවට වාර්තාවක් කැදවීමට ඊයේ (10) තීරණය කෙරිණි.

කමිටුවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා මෙම තීරණයට එළැඹියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා විශේෂ කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කළ ඉල්ලීමකට අනුවය.

අපේ‍්‍රල් 21 දා ටාජ් සමුද්‍ර හෝටලය පිපිරවීමට පැමිණි මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියා බෝම්බය පුපුරුවන්නේ නැතිව යළි හැරී ගොස් දෙහිවලදී එම බෝම්බය පුපුරුවා හැරීම සැක සහිත බවත්, ඒ පිළිබඳ සොයා බැලිය යුතු බවත් දයාසිරි ජයසේකර මහතා සාක්කි දෙමින් කීවේය. ටාජ් හෝටලයේ එදින යම් ප‍්‍රභූවරුන් සිටින බවට මත පළවෙන බව කී ජයසේකර මහතා බෝම්බකරු එහි බෝම්බය පුපුරුවන්නේ නැතිව ආපසු ගොස් දෙහිවලදී පුපුරුවා ගැනීම සැක සහිත බවද කීය. එනිසා අපේ‍්‍රල් 21 සහ ඊට පෙරදා එම හෝටලයේ සිටි සහ ආහාර ගත් අය කවුරුන්ද කියා සොයා බැලිය යුතු බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.