රට වටේ ඇවිදිමින් බයිලා ගහන ඇමති සජිත්ගේ වැඩ කෙරුවාවේ තරම මෙන්න (වීඩියෝ)

රට වටේ ඇවිදිමින් බයිලා ගහන ඇමති සජිත්ගේ වැඩ කෙරුවාවේ තරම මෙන්න (වීඩියෝ)
Spread the love

කුරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.

එම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වී නවතා දමා ඇති බවට මන්ත‍්‍රීවරයා චෝදනාවක්ද එල්ල කලේය.

එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිලිගත් අතර මේ සම්බන්ධයෙන් තමා අමාත්‍ය මණ්ඩලයේදීද සාකච්ඡා කළ බව පැවසීය.

තමා විදුලි බල අමාත්‍යවරයා වශයෙන් කූරගලට විදුලිය ලබාදීම වෙනුවෙන් වූ සටන කිසිසේත් අත් නොහරින බවත්, බෞද්ධයින්ගේ ඓතිහාසික පුදබිමක් වූ කූරගලට හැකි ඉක්මනින් විදුලිය ලබාදීමට අදාළ කටයුතු තමා විසින් සිදුකරන බවත් රවි කරුණානායක මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් ඓතිහාසික කූරගල පුදබිමට පුරාවිද්‍යාවෙන් ලබාදුන් අනුමැතිය පැය 24ක් යෑමට මත්තෙන් අවලංගු කිරීම පිටුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලන කුහකයෙකු මෙන්ම චන්ද්‍රිකා-මංගලගේ බළල් අතක් වන කුප්‍රකට අමාත්‍ය සජිත් ප්‍රේමදාස බව ප්‍රසිද්ධ කරුණකි.

එසේම පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් වන විවාදය යන අතරතුර රට වටේ සදා ලෝක පූජිත පෙට්ටි ගෙවල්වලට වඩා විශාල සමරු ඵලක විවෘත කරමින් බයිලා ගසමින් යන සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේවත් නොසිටි අතර ඔහු දැන දැනම මාරු වී ගොස් ඇති බවට වාර්තාවේ.

අවසානයේ වීරවංශ මහතා කියා සිටියේ ‘ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවත් නෑ’ යනුවෙනි.