ඛෙත්තාරමයේ තරගය නරඹමින් සිටි අවිශ්කගේ පියා සිහිසුන්ව ඇද වැටෙයි.. තිලංග මැදිහත් වී රෝහල් ගත කරයි

ඛෙත්තාරමයේ තරගය නරඹමින් සිටි අවිශ්කගේ පියා සිහිසුන්ව ඇද වැටෙයි.. තිලංග මැදිහත් වී රෝහල් ගත කරයි
Spread the love

අද ශ‍්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි එක්දින තරගය නරඹමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ පියා හදිසියේ අසනීප වීමෙන් බිම ඇද වැටී ඇත. එම අවස්ථාවේදී තරගය නැරඹීම සඳහා පැමිණ සිටියි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල විසින් වහාම ගිලන් රථයක් ගෙන්වා අවිශ්ක ප්‍රනාන්දුගේ පියා රෝහල් ගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සකස් කර ඇත.

අවිශ්කගේ පියා විශේෂ ආරාධිතයන්ගේ කුටියේ තරගය නරඹමින් සිටියදී එක්වරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා වහා ගිලන් රථයක් ගෙන්වා ඔහුව රෝහල වෙත යොමු කර තිබේ.

ලාබාල ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු අද දිනයේ සාර්ථක පිතිහරශයක යෙදෙමින් වේගයක් ලකුණු 82ක් ලබා ගත්තේය.

තරයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 238ක් ලබා ගත්තේය. පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකාව පන්දු වාර 44.4කදී කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 242ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

ඒ අනුව තරග 03කින් යුතු තරගාවලිය 2-0ක් ලෙස මේ වන විටද ශ‍්‍රී ලංකාව ජයගෙන සිටී.