එජාප අපේක්ෂකයා වීමට සරත් ෆොන්සේකා සුදානම්!

එජාප අපේක්ෂකයා වීමට සරත් ෆොන්සේකා සුදානම්!
Spread the love

එළැඹෙන ජනාධිපතිවරණයේ දී, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස එම පක්ෂ නායකත්වය ඉල්ලා සිටියහොත් තමා ඊට එකඟ වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා කියා සිටියේ රට වෙනුවෙන් වගකීමක් දැරීමේ ශක්තිය තමන්ට තිබෙන බවයි.

ජනාධිපති ධූරය ලැබුණොත් රට හදනවා මිසක් මාළිගා හැදීමට හෝ ආර්යාවන් හැදීමට හෝ තමන්ට අවශ්‍යතාවක් නැති බවද සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ රටේ ආරක්ෂාව සඳහා සුදුසුම පුද්ගලයා බවට පොදු ජන පෙරමුණ ගෙන ඇති තීරණය නිවැරදි බව කී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රටේ ආරක්ෂාව ප්‍රමුඛත්වය දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී තීරණය කළොත් ඒ සඳහා පක්ෂය තුළ තමන් හැර වෙනත් අයෙකු නැතිි බව ද කියා සිටියේය.