කෝකටත් තෛලය වුණු ජවිපෙ නායක අනුර කුමාර එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාම වෙයි

කෝකටත් තෛලය වුණු ජවිපෙ නායක අනුර කුමාර එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාම වෙයි
Spread the love

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයෙන් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වන බව අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති “ජාතික ජන බලවේගය” ජන රැළියේදියි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28කින් සැදුම්ලත් “ජාතික ජන බලවේගය” සංවිධාන කළ ජන රැළිය අද පස්වරු 3ට කොළඹ ගාලු මුවදොර පිටියේදි ආරම්භ කෙරුණි.

මෙලෙස ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයෙන් ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ වසර 20 කට පසුවයි.

1999 වසරේදී නන්දන ගුණතිලක මහතා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් තුන්වන ස්ථානයට වැඩිම මනාප හිමිකර ගත්තේය.

2005 වසරේදී ඔවුන් එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්, 2010 වසරේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතාටත් සහාය පළ කළ අතර 2015 වසරේ පැවති අවසන් ජනාධිපතිවරණයේදී කිසිදු ප්‍රධාන අපේක්ෂකයෙකුට සෘජුව සහාය පළ කිරීමෙන් වැළකී සිටියේය.