"චම්පික කුහකයි, අපට වැඩක් කරන්න දෙන්නෙම නෑ" මහඇමති චම්පිකගේ රෙදි ගලවයි.(video)

Spread the love

මීතොටමුල්ල කුණු කන්දට යටවී මිනිසුන් ගණනාවක් මිය යන තත්වයට පත් වූයේ බස්නාහිර පළාත් සභාවේ යෝජනාවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉඩ නොදීම නිසා බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

මීතොටමුල්ල කුණු කන්දෙන් සිදු ඛේදනීය ජන සංහාරයට වත්මන් ආණ්ඩුවේ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක වගකිය යුතු බවට ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම දැඩි චෝදනා එල්ලවෙමින් තිබේ.

2020 – 2025 තම පෞද්ගලික දේශපාලන සිහිනයක් වෙනුවෙන් චම්පික රණවක විසින් වත්මන් ආණ්ඩුවත්, ජනතාවත් අනතුරේ හෙලා ඇතිබවට එමඟින් චෝදනා එල්ල වන අතර ඊට අදාළ සාක්ෂි මේ වන විට ජනාධිපතිවරයාටද වාර්තා කොට ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

තමන් විසින් යෝජනා කල ව්‍යාපෘතිය සාර්තක වුවහොත් තමනට ලකුණු වැටෙනු ඇතැයි බියවූ ඇතැමුන්ගේ කුහකකම හා ඊර්ෂ්‍යාව නිසා මෙම මහා ඛේදවාචකයට අද මුහුණු දීමට සිදුව ඇතැයිද කී ඔහු අදද මෙම කුණු කන්දේ ප‍්‍රශ්නය විසදීමට තමන්ට හැකි බවද කියා සිටී.

නාගරික සංවර්ධන අධිකාරිය බාර ඇමතිවරයා වන්නේ චම්පික රණවක වන අතර කුණු කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් මහ ඇමතිවරයා මීට පෙරද ඔහුට සෘජුව චෝදනා එල්ල කලේය.

[rns_reactions]