රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පසුගියදා නම් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා හම්බන්තොට නගරය පුරා හන්දියක්, කණුවක් ගානේ එල්ලා තිබූ ගෝඨාගේ කටවුට් සහ බැනර් වහාම එම ස්ථානවලින් ඉවත් කරන ලෙසට එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ දුන් නියෝගයකට අනුව ගෝඨාට විජයග්රහණයක් පතා එල්ලා තිබු සියලු කටවුට්, බැනර් හම්බන්තොටින් ඉවත් කර තිබේ.

මෙතෙක් අප්රකාශිත ජනපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය ප්ලාස්ටික්, පොලිතීන් හා පොස්ටර් භාවිතයෙන් තොරව සිදුකරන බවට පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශකළ බවත් එය මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් බවත් සඳහන් කරමින් නාමල් රාජපක්ෂ මහතා මෙම නියෝගය එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින්ට ලබා දී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ විසින් මෙලෙස නියෝග දී සිය බාප්පා වන ගෝඨාභය රාජපක්ෂගේ කටවුට්, බැනර් ඉවත් කරන අතරතුරේදී ඩොලර් දහ දහස් ගණන් වියදම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ෆේස්බුක් සමාජජාල මාධ්‍ය ඔස්සේ අතිදැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් අරඹා ඇති අතර මේ පහත දැක්වෙන්නේ නාමල් එලෙස ඩොලර් විසි කරමින් සිදුකරන ප්‍රචාරණ මෙහෙයුම් ප්‍රමාණයයි.

මේ මොහොත වන විටත් ෆේස්බුක් තුල මුදල් ගෙවා වැඩිම ප්‍රචාරණ මෙහෙයුම් ප්‍රමාණයක් සිදුකරන්නේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ වන අතර ඔහුගේ ප්‍රචාරණ දැන්වීම් වල ප්‍රධානම තේමා පාඨය වන්නේ “මම ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයෙක්මි”. මෙය ඇමෙරිකානු පුරවැසියෙකු වන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ (බාප්පගේ ) ප්‍රචාරණ ව්‍යාපාරයට කෙතරම් රැකුලක්ද, පරහක්ද යන්න දේශපාලනය දන්නෝ දනිති.