ඝාතකයා රජ කුමරෙක් – අනුර රහසේ දිපු සාක්ෂිය මෙන්න…

Spread the love

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විත්ති කුඩුවේ සිට මහේස්ත්‍රාත්වරයා අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා රජ කුමරෙක් බව ප්‍රකාශ කර අැති බව අපට වාර්තා වේ..

දෙවැනි සැකකරු වන අනුර සේනානායක මහතා මාර්තු 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි මහතා නියෝග කළ අතර හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි අධිකරණය තුළ තිබිය දී එසේ නොකරන්නේ මන්දැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කළේය.