පාස්කු ප්‍රහාරයෙන් ලකුණු දාගන්න කිතුණුවන් ගොනාට අන්දවන්න ගිය ගෝඨාගේ රෙදි කිතුණුවෝ ගලවයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයෙන් ලකුණු දාගන්න කිතුණුවන් ගොනාට අන්දවන්න ගිය ගෝඨාගේ රෙදි කිතුණුවෝ ගලවයි (වීඩියෝ)
Spread the love

පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ වරින් වර මතුවන සහ ප්‍රකාශයට පත්වන දේශපාලනයට සමීප කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් යළිත් ඉස්මතුව ඇත්තේ කාදිනල් හිමියන් එසේ සිදුකළ ප්‍රකාශයකට රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දීමට යෑමත් සමඟය.

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම පාලනයක් යටතේ ස්වාධීන කොමිසමක් පත් කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සභාපතිවරයා විසින් දැඩි විවේචනයක් එල්ල කරයි.

අන්තර්ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු පවසන්නේ කතෝලිකයන්ගේ කදුළු මතින් දේශපාලනය නොකළ යුතු බවත් එසේ කරන්නට ආවොත් රෙද්ද ගලවලා යවන බවත්ය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් සමාජ ජාල පරිශීලකයන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා ඇත්තේ අගරදගුරු තුමන්ගේ පොදු ඉල්ලීමකට මිස ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ අදහසක් අනුව නොවන බවයි.

අගරදගුරුතුමන් ද ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් පත්කරන ලෙසත් රජයෙන් මේ දක්වා කර ඇති පරීක්‍ෂණ ගැන සෑහීමකට පත් විය නොහැකි බවත්ය.