ජෝන් නිසා රෝස් ප්‍රනාන්දු තනතුරු අතහරි…!

Spread the love

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි එජාප කටාන ආසන සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මහත්මිය එජාපයේ ඇය විසින් දරනු ලබන සියලු තනතුරු වලින් අස්වු බවට සදහන් ලිපියක් දැනටමත් පක්ෂ නායකත්වය වෙත යවා ඇතැයි අද කියා සිටියාය.
ඇය මේ බව කියා සිටියේ ඇගේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි විශේෂ පුවත්පත් සාකච්ජාවකදිය.
කටුනායක ගුවන්තොටුපලේ කුලී රථ කවුලුවක් නිත්‍යාණුකුල ටෙන්ඩරයක් මගින් ලබාගෙන තිබියදි එයට ඇවැසි සංවාරක බලපත්‍රය නිකුත් කිරිම සදහා සංවාරක ඇමති ජෝන් අමරතුංග මහතාගේද ආධාරකරුවන් හට ද කුලි වාහන ධාවන බලපත් දෙන ලෙස ඉල්ලා සිටිමත් සමගින් මේ ගැටුම මතුව තිබේ.


ඇමතිවරයාගේ මේ යහපාලන විරෝධි ක්‍රියාව නිසා තමන් මෙසේ ඉල්ලා අස්විමට තින්දු කළ බවත් ජනනාධිපතිතුමා සහ අගමැති තුමා මේ සිදුවන යහපාලන විරෝධි ක්‍රියා වහා මැදිහත්විම සාධාරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තමන් ඉල්ලා සිටින බව කියා සිටියේය.මේ අවස්ථාව සදහාඅදාල කුළි රථ සංගමයේ නියෝජිතයන්ද එක්ව සිටියහ.

[rns_reactions]