විමල් තමන්ගේ වෙබ් අඩවියත් රැගෙන එජාපයට කරනම් ගසයි!

Spread the love

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්කිරීමට අවශ්‍ය කටයුතු මේවනවිට ක්‍රියාත්මක අතර විමල් වීරවංශ මහතා මේ වන විට එජාපයට එක්වීම සඳහා රහස් සාකච්ඡා කිහිපයකටම සහභාගී වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණු නිර්මාතෘ සහ එම පක්ෂයේ නායකයා මෙලෙස ඉතිහාසගත පිම්මකට සැරසෙන්නේ තම බිරියගේ ඇවටිලි බස් අසා බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

මේ අතර විමල් වීරවංශගේ වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පළවන පුවත් ද එජාපයට වාසිසහගතවන සහ අගමැතිගේ ගුණ වර්ණනා කරමින් පළවන බව මේ වන විට පෙනෙන්නට තිබේ.

එමෙන්ම එජාප හෝමාගම ආසන සංවිධායක ලෙස විමල් වීරවංශ මහතා පත්කිරීමේ කථිකතාවතක් පවතින බවත් වාර්තා වෙයි

 

[rns_reactions]