මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාව, නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුවූ නිවාස අහිමි පවුල් 98 කට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ හෙට (20) දින ආරම්භ කිරීමට ජනධිපතිතුමා උපදෙස් ලබාදුන්නේය.
විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබද අද (19) පෙරවරුවේ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සදහන් කළේය.
මීතොටමුල්ල ප්‍රදේශයේ අවදානම් කලාපයේ සිටින පිරිස ඉවත් කිරීමට මූලිකත්වය ලබාදෙමින් ඔවුන්ට අවශ්‍ය යටිතළ පහසුකම් සැලසීමේ කටයුතු ශක්තිමත් කරන ලෙසට ද ජනාධිපතිතුමා නියෝග කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ මෙහෙයවීමෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත ප්‍රදේශයේ කුණු ඉවත් කිරීමේ කටයුතු සිදුකිරීමට හා අනවසර පදිංචි කිරීම් තහනම් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නේය.
එමෙන්ම විපතට පත් ජනතාවට වන්දි ලබාදීමේ කටයුතු පිළිබදව ද දැඩි අවධානය යොමුකරමින් අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා මේ දක්වා සියලූ ආයතන මගින් ලබාදුන් සහය ඉදිරියටත් බලාපොරොත්තුවන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
මීතොටමුල්ල හදිසි ආපදා තත්වය පිළිබද මීළග ප්‍රගති සමාලෝචන රැස්වීම ලබන 21 වනදා පෙරවරුවේ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ දී නැවත පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, සාගල රත්නායක, වජිර අබේවර්ධන, ඒ.එච්.එම් ෆවුසි, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, මහත්වරුන් ද ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුඑ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
[rns_reactions]
