මිනිමරපු එස්.එෆ් ලොක්කා කරන අලුත්ම විගඩම මෙන්න…..

Spread the love

ලෝකශූර කරාතේ ක්‍රීඩක වසන්ත සොයිසා ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ මහාධිකරණයේ ඇපමත සිටින එස්.එෆ් ලොක්කා නොහොත් ආර්.ඒ.ඉරෝන් රණසිංහ අළෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භකර තිබෙනවා.

අනුරාධපුර හා පිටස්තර ප්‍රදේශවල සිට පැමිණෙන පාරිභෝගික ජනතාවට විශිෂ්ඨ සේවාවක් සපයන බව පවසමින් අනුරාධපුර නගරයේ පිහිටි මහා පරිමාණ ව්‍යාපාරික ආයතනයකට සහයෝගය දක්වමින් ඔහු අළෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම ආයතයේ අඩු මිලට තත්ත්වයෙන් උසස් භාණ්ඩ තිබෙන බව පාරිභෝගිකයන්ට පවසමින් එස්.එෆ් ලොක්කා ප්‍රවර්ධන කටයුතු සිදුකර තිබෙනවා.

අවු කණ්නාඩි පැලඳ රිදියෙන් තැනූ මුද මාල පෙන්ඩන් ශරිරය පුරා පළඳා ගෙන අනුරාධපුර නව නගරයට පැමිණ එස්.එෆ්.ලොක්කා පසුගිය මාස කිහිපයේම මෙම කටයුතු වල නිරතවූ බව වාර්තා වුණා.

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක හිමිනමක් සමගින් කිට්ටු ඇසුරක් පවත්වන ඔහු උන්වහන්සේ සමග විවිධ සමාජ සේවා කටයුතු වලටද සහභාගීවී ඇති අතර උන්වහන්සේ සමග ජයශ්‍රී මහ බෝධිය වැදපුදා ගැනීමට ගොස් තිබෙන  බවද පැවසෙනවා.

එස්.එෆ්.ලොක්කා අධිකරණයේ ඇපමත බන්ධනාගාරයෙන් නිදහස්වී පැමිණි පසුව වෙළද ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම නිසා සිය වෙළදාම් කටයුතු වලට තර්ජනයක් එල්ලවී ඇති බව ව්‍යාපාරිකයන් පිරිසක් පැවසු අතර ඔහුගේ නඩු කටයුතු වලට මුදලින් සහයෝගය දක්වන්නන්ගේ වෙළද ආයතන ප්‍රවර්ධනයට ඔහු කටයුතු කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

[rns_reactions]