කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ එකතුවන කසළ රැගෙන යෑමට ස්ථානයක් නොමැතිකමින් විසඳුමක් ලැබෙනතුරු ප්‍රාදේශිය සභාව බලා සිටින බව අපට වාර්තා වේ. කොටිකාවත්ත ආදාහනාගාරය අසල ඇති කසල අංගණය ආශ්රිත ප්‍රතිචක්‍රකරණ මධ්‍යස්ථානයට එජාපයට සහ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සංවිධානාත්මක පිරිසක් කසල බැහැර කිරිමට ඉඩ නොදි කසල රැගෙන ගිය සේවකයින් පිරිසකට පහර දි ඇති අතර ඊට විරෝධය පළකිරිමක් වශයෙන් ඔවුන් සේවයෙන් ඉවත්ව ඇති බව සදහන්..
කසළ රැගෙන යෑමට ස්ථානයක් නොමැතිව කසළ එකතුකළ නොහැකි බවත්,එසේ වුවහොත් තවත් පරිසර ගැටලුවක් නිර්මාණය විය හැකි බවත්,නගරයේ අලංකරණයටද එය බලපානු ඇති බවත් ප්‍රාදේශිය සබාවේ ප්‍රකාශකයෙක් පැවසිය…
මේ අතර එක්රැස්වන කසළ තොග රඳවාගැනීමට නොහැකි නිසා ප්‍රාදේශිය සභාවේ කුණු ලොරි රැසක් මේ වනවිට තම කාර්යාලවල නවතා තිබෙනවා.
[rns_reactions]

