පාර්ලිමේන්තුව අසලටවත් කැඳවීම නුසුදුසු අප්‍රසන්නගේ කෙරුවාව..(video)

Spread the love

ඒකාබද්ධ තුල ප්‍රභල කාර්යක් ඉටු කරන ප්‍රසන්න රණතුංගගේ අමන ක්‍රියාවන් ගැන මතක් කිරීමකි මේ..

ව්‍යාපාරිකයෙකු බිය වැද්දිම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට හා ඔහුගේ බිරිඳට එරෙහිව 2016 වසරේ ජුනි මාසයේදී නීති පතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

2010 වසරේ අප්‍රේල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනවලදී සුරංජිත් ක්‍රිස්ටියන් ගිහාඩ් මෙන්ඩිස් නමැත්තා බියවද්දා, චෙක්පත් පහක් මගින් රුපියල් මිලියන 64ක් ලබාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 15ක් ඊට ඇතුළත් ය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාත් ඔහුගේ බිරිඳවන මොරින් ස්ටෙලා රණතුංග සහ ව්‍යාපාරික නරේෂ් කුමාර් මෙහි විත්තිකරුවන් වන අතර මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ කොළොන්නාව මීතොටමුල්ලේ පිහිටි අනවසර පවුල් 24ක් පදිංචි රජයට අයත් ඉඩම් කොටසක් එම පදිංචිකරුවන් ඉවත්කර ගිහාඩ් මෙන්ඩිස් නැමැත්තාට ලබාදෙන බවට පොරොන්දු වෙමිනි.

මෙවැනි අක්‍රමවත් කටයුතු මොහොමයකට සම්බන්ද අප්‍රසන්න ගැන ඔබ නොදත් කරුණු තව බොහෝ ඇත.
[rns_reactions]