දන්න දේවල් කියන්න කෝප් කමිටු හිටපු ලොක්කා අද මාධ්‍ය ඇමතිමට සුදානම්..

Spread the love

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ තමන් අද (24) දිනයේ පෙනී සිටින්නේ කිසිදු කැමැත්තකින් නොවන බව හිටපු කෝප් කමිටු සභාපති ඞ්ව් ගුණසේකර පවසනවා. 

අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ කොමිසම හමුවට පැමිණ සාක්ෂි ලබාදෙන ලෙසට ලැබුණු දැනුම් දීමකට අනුව තමන් ඊට සහභාගී වන බවයි. 

සාක්ෂි ලබාදීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බවද හිටපු කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළා. 

මහ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති විමර්ශන කොමිසන් සභාව අද සිය කටයුතු යළි ආරම්භ කරනවා. 

ඒ, අලූත් අවුරුදු නිවාඩු සමය අවසන් වීමෙන් පසුවයි. ඒ අනුව අද දිනයේ දී හිටපු කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර සාක්ෂි ලබාදෙනු ඇති. 

හෙට දිනයේ දී වත්මන් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සහ අනිද්දා දිනයේ දී කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි. 

[rns_reactions]