කොරියාවෙන් නිකං දෙන්න හදපු මැෂිමටත් කොමිස් ඉල්ලුවා – සෝලංගආරච්චි සියල්ල හෙලිකරයි…

Spread the love

කොලොන්නාව කුණු කන්ද සමගින් තමන්ට එල්ල වු චෝදනා වලට ප්‍රසන්න සෝලංගආරච්චි ආන්දෝලනාත්මක හෙලිදරවුවක් සිදුකර ඇත. එහිදි ඔහු පවසා ඇත්තේ කුණු කන්ද පවතින්නේ කොලොන්නාව නගර සභා සිමාව තුල බවත් එයට තමන් සභාපති ලෙස කටයුතු කල කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවටද එහි සැලකිය යුතු බලපෑමක් තිබු බවයි.

තමන් මහින්ද රජය පැවැති සමයේ එනම් 2005දි තමන්ට පරිත්‍යාගයක් ලෙස ලැබුණු කුනු දහණය කරන යන්ත්‍රයක් ලංකාවට ගෙන ඒමට කටයුතු සංවිධානය කල බවත් එවක රජයට සම්බන්ධ එක්තරා පුද්ගලයෙක් අදාල සමාගමට මේල් පණිවිඩයක් යොමුකර කොමිස් ඉල්ලා ඇති අතර අවසන එම ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස එම යන්ත්‍රය වෙනත් රටකට හිමිවු බවද සෝලංගආරච්චි පවසයි.

2013 වසරේදි නැවතත් තමනට නොමිලේ ලැබුණු කුණු දහනය කිරිමේ මැෂිම එවකට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් යම් ප්‍රබලයෙකුගේ නියෝගය පරිදි දිගින් දිගටම ඉඩම් ලබානොදි ප්‍රමාද කල අතර අවසානයේ ජපානයෙන් නියෝජිත පිරිසක් ලංකාවට ගෙන්වාගෙන මෙම ගැටලුව පිළිබදව ව්‍යාපෘතියක් ජනාධිපතිතුමාට ලබාදුන්නද එයද මේ වනවිට ඇනහිටි ඇති බව ඔහු පවසයි..

මෙම තත්වය පිළිබදව තමන් ඉතා කණස්සල්ලට පත්ව සිටින අතර සමහරක්ට අවශ්‍ය මෙම ප්‍රශ්ණය විසදනවාට වඩා මෙය විකුණගෙන කෑම පමණයි. කොළඹ කුණු එපා කියලා සමහරක් දැගලුවට කොළඹ තියෙන්නේ කොළඹ කුණු වලට වඩා කොළඹින් පිට කුණු. අපි ඒ තත්වය වටහාගන්න අවශ්‍යයි. මාධ්‍ය සංදර්ශණ අවශ්‍ය නෑ. කෙසේ හෝ මෙම ගැටළුව විසදිමයි මගේ ඉලක්කය.

සමහරක් කියනවා මම මිතොටමුල්ලේ හිටියේ නෑලු.. පොඩ්ඩක් හොයලා බලන්න.. මම එතන හිටියා මිනිස්සු එක්ක.. මට කැමරාව වැඩක් නෑ. මිනිස්සුන්ට වැඩකරන්න මාධ්‍ය සංදර්ශණ අවශ්‍ය නෑ.. අසරණ ජනතාවට පිහිටක් වෙන්න සෝලංගආරච්චි සුදානම්.

[rns_reactions]