මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ පූර්ණ හානියට පත් නිවාස 65 ක පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස ලබාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සිදු විය.
මෙහි මුල් අදියර යටතේ නිවාස ලබා ගැනීමට කැමැත්ත පළ කළ පවුල් 30 ක් වෙනුවෙන් නිවාස ලබාදීම පසුගියදා සිදු කෙරිණි.
මෙම නිවාස වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 3920 කිි.
එසේම එම නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාදීම ද සිදු කෙරේ.
අහිමි වූ නිවාසවල තක්සේරු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව වැඩි වටිනාකමක් පවතින්නේ නම් නිවාසවලට අමතරව එම පවුල් වෙත මුදල් ලබාදීමට ද රජය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.
නිවාස ලබාදීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ප‍්‍රවේශ දොරටුව අසලදීම රෝද පුටුවේ සිටි ආබාධිත කාන්තාවකට අදාළ නිවාසයට හිමි හිමිකම් පත‍්‍රය පිළිගැන්වීමට කටයුතු කළේය.
[rns_reactions]




