මහින්දගේ සුරතලාගේ පොරටෝක් නිසා අනාථවුන ගාල්ලේ පොහොට්ටුවෝ

මහින්දගේ සුරතලාගේ පොරටෝක් නිසා අනාථවුන ගාල්ලේ පොහොට්ටුවෝ
Spread the love

මහ ඇමතිකම ගන්න මහින්දගේ පස්සෙන් ගිය ගාල්ලේ දුරකතන ඩයල් එක මෙවර මහ මැතිවරණයේ තැන තැන ලබාදෙන පොරටෝක් හේතුවෙන් ගාල්ලේ පොහොට්ටු අපේකෂකයින් ගණනාවක් කලකිරීමට පත්ව ඇති බව අනාවරණය වෙයි.

මහින්ද මහත්තයා තමන්ට වැඩිය ගයන්තට ලෙංගතු බව පවසා ඇති මොවුන් ගෝඨාභය ජනාධිපතිතුමාගේ රට ගොඩනගන වැඩ පිලිවෙලට මෙවැනි දෙපිටකාට්ටුවන්ගෙන් වැඩක් නොමැති බව අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිකම් දැරැවත් ගාල්ලට කිසි වැඩක් කර නැති අවම තරමේ කක්කුස්සියක්වත් තනා නැති මොහු අද මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ කිලී මහරාජාගේ අල්ලේ නැටවෙන පුතාණෝගේ පක්ෂයෙනි. 2001 – 2004 කාලසීමාවේ එජාප රජයට කොරියාවෙන් ලැබුනු තරැණයින් සඳහා වන රැකියා අවස්ථාහී ගාල්ලට ලැබුණු සියලුම රැකියාවන් කොළඹ ජාවාරම්කාර සමාගමක් සමග එක්ව මුදලට විකුණා තම මඩිය තරකර ගත් අයෙකි. එක රැකියාවක් ලබාදීම සදහා රැපියල් ලක්ෂ දහයක පමණ මුදලක් ලබාගෙන ඇති බවට වාර්තාවේ. මුදල් ලබාදුන්නද රැකියාවට යාමට නොහැකිව අතරමංවුන තරැණ තරැණියන් ගණනාවක් අදටත් බෙන්තර ඇල්පිටිය අසරණව සිටින්නේ මොහුට ඇති ජඩ දේශපාලන හයියට බියවීම නිසාය.

රැකියා ජාවාරමට අමතරව මොහු විසින් කරගෙන යන තවත් ජාවාරමක් වන්නේ ළමුන් පාසැල්වලට ඇතුලු කිරීමයි. කොළඹ රාජකීය විදුහල සදහා එක් ළමයෙකු නීති විරෝධී ලෙස ඇතුලත් කර ගැනීමට මොහු රැපියල් ලක්ෂ 20ක් දක්වා මුදල් ලබාගන්නා බවටද වාර්තාවේ. මොහුට එරෙහිව රාජකීය විදුහල් ආදිසිසු සංගමය කිහිප අවස්ථාවකම කීර්තිමත් රාජකීය ආදි සිසුවකුවු එජාප නායක රනිල් වික්ර්මසිංහ මහතාටද පැමිණිලි කර ඇත. නායකතුමා ඒ හැම අවස්ථාවකදීම මොහුව කැදවා ඉගෙන ගත්ත පාසැලට අවනම්බු නොකරන්නැයි අවවාද කර ඇත.

මොහුගේ හදිසි පක්ෂ මාරැවට හේතුව වන්නේද පක්ෂ නායකත්වය මේ චෝදනා සම්බන්ධව පක්ෂය තුල විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට ගත් තීරණය බවද දැනගන්නට ඇත. ගාලු දිසාවේ පොහොට්ටුවේ නායකයින් ජනපති ගොඨාභයට ශක්තියක් වන්නට කොතෙක් මහන්සි වුවත් මහින්ද සලකන්නේ මොහුට වීමද ඔවුනගේ කලකිරීමට හේතුවී ඇත. මෙයට ආසන්නම හේතුව ලෙස ඔවුන් අවධාරණය කරන්නේ විජේරාම පිහිටි මන්තරී නිල නිවාසය විශේෂ කැබිනට් ප්‍රතිකාවක් දමා මහින්ද විසින් මොහුට අත්පත්කරදීමට කටයුතු කිරීමයි.

මෙවැනි තත්වයක් යටතේ මොහු දේශපාලනයෙන් ඉවත් කලයුතු බව ගාල්ල පොහොට්ටු අපේක්ෂකයින්ගේ අරමුණවී ඇති අතර මොහුගේ හා අගමැති මහින්දගේ සබඳතා ගැන ජනපති ගෝඨාව දැනුවත් කිරීමටද ගාල්ල තරැණ අපේකෂකයින් කටයුතු කරමින් සිටී. තම කාර්යාලයේ කාමරයට ඉදිරියෙන්ද ඇගිලි සලකුණ මැෂින් හයිකර ගනිමින් මොහුකල කාන්තා ඇසුරන් පිලිබදවද තොරතුරැ ඉදිරියේදී අප සාක්ෂි සහිතව අනාවරණය කරන්නට බලාපොරොත්තු වන්නෙමු. ගාල්ලට කිසිදු කරැණාවක් නොදැක්වු මේ තිලකයිගේ සුදු පිරැවට එදාට අනිවාර්යෙන් ලිහී යනු ඇත.