දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ බැංගලෝර් හිදී පැවැති 31 වන තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනිමට ගුජරාට් ලයන්ස් පිල (27 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් පිල ඕවර 13.5 කදී කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ඒරන් ෆින්ච් පන්දු 34 කදී හයේ පහර හයක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 72 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තෙවැනි කඩුල්ල සදහා සුරේෂ් රයිනා සමගින් එක්ව පන්දු 48 කදී ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ඕවර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි. ගුජරාට් ලයන්ස් පිලේ පන්දු යවන්නෝ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ පිතිකරුවන්ට සාර්ථක විමට අවස්ථාවක් ලබානොදුන්නද තරමක් දුරට සාර්ථක පිතිහරඹයක නිරතවීමට කේදර් ජාදව් සහ පවන් නෙග සමත්වූහ.
කේදර් ජාදව් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 31 ක් සහ පවන් නෙගි පන්දු 19 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 32 ක් රැස්කිරීමට සමත්වූහ.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ඇන්ඞ්්‍රව් ටේ ඕවර හතරක් යවමින් ලකුණු 12 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කාසියේ වාසිය ලැබූ ගුජරාට් ලයන්ස් පිලේ නායක සුරේෂ් රයිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(කේදර් ජාදව් 31, පවන් නෙගී 32, ඇන්ඞ්්‍රව් ටේ 12/3, රවින්ද්‍ර ජදේජා 28/2)
ගුජරාට් ලයන්ස් – ඕවර 13.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 135
(සුරේෂ් රයිනා නොදැවී 34, ඒරන් ෆින්ච් 72, සැමුවෙල් බද්රි 29/2)
[rns_reactions]