අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ සේවකයන් 500ක් මාරුකරලා….

Spread the love

බැදුම්කර විමර්ශනය කරන කොමිසම හමුවේ ඊයේ දින එනම් 16 වැනිදා ප්‍රථම වරට පෙනී සිටියේ මුල්‍යය මණ්ඩලයේ ලේකම් එච්.ඒ.කරුණාරත්න මහතාගෙනි.

ඔහු කියා සිටියේ එවක මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධුරයෙන් ඉවත්වන විට ඔහුත් සමග තවත් නියෝජ්‍යාධිපතිවරු දෙදෙනෙක් ඉල්ලා අස් වූ බවයි..අර්ජුන්එ මහතා විසින් එම පුරප්පාඩු පවා පුරවා ඇත්තේ මෙම ප්‍රශ්ණගත බැදුම්කර සිද්දිය වුවාට පසුවයි…

එමෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපති ධුරයට පැමිණි පසු මහබැංකුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ස්ථානමාරු 34ක් සිදු වි තිබෙනවා. තවද බැදුම්කර නිකුත් කරන ප්‍රධාන වගකීමක් දරන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉවත් කොට ඒ සඳහා අත්දැකීමෙන් අඩු කිසිදු දැනුමකින් තොර නිලධාරිනියක් එම දෙපාර්තමේන්තුවට පත් කොට තිබෙනවා. මහබැංකුවේ සාමාන්‍යයෙන් වසරකට ස්ථානමාරු 250ක් පමණ සිදු වුවත් අර්ජුන් මහතාගේ 2015 වසර තුල මහබැංකුව තුල ස්ථානමාරු 500ක් පමණ සිදුවී ඇති බව කරුණාරත්න මහතා පවසා සිටියා…මෙම ස්ථානමාරුවීම් වලට තමන් අකමැති බව එම නිලධාරීන් අර්ජුන් මහතාගේ නිවසට දෙවතාවක්ම ගොස් දැනුවත් කලද අර්ජුන් මහතා මේ පිළිබඳව කිසිදු තීරණයක් ගත්තේ නැති බව ද කරුණාරත්න මහතා සඳහන් කලා,

තම සේවා කාලය තුල මහබැංකු අධිපතිවරු 8 දෙනෙකු යටතේ සේවය කලත් ඔවුන් කිසිවෙකුගෙන් මෙවන් අත්දැකීමක් නොලද බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ..

වැඩිදුර සාක්ෂි විමසීම ලබන සඳුදාට කල් තැබුවා….