අද රැස්වෙන පාර්ලිමේන්තුව තබන ඓතිහාසික වාර්තා මෙන්න

අද රැස්වෙන පාර්ලිමේන්තුව තබන ඓතිහාසික වාර්තා මෙන්න
Spread the love
  1. ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 15 ක් සෘජුව ඡන්දය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණීම, පක්ෂ 22 ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තුල නිදහසින් පසු වඩාත්ම විවිධාංගීකරණය වූ පාර්ලිමේන්තුව නිසාය.
  2. රාජ්‍ය මන්ත්‍රණ සභාව රැස්වූ 1947 නොවැම්බර් 25 පාර්ලිමේන්තුවේ සිට අද දක්වා එජාපයට ආණ්ඩු බලය හෝ විපක්ෂයේ ප්‍රධාන බලය අහිමිවූ එකම පාර්ලිමේන්තුව පමණක් නොව, එජාප මන්ත්‍රීවරයෙකු නොමැතිව රැස්වන පළමු පාර්ලිමේන්තුව ද වේ.
  3. වැඩිම නවක මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ආණ්ඩුපක්ෂයට පමණක් ලැබුණු, විපක්ෂයට නවක මන්ත්‍රීවරුන් අඩුවෙන්ම ලැබුණු පාර්ලිමේන්තුව වන නිසාය.
  4. ලෝකයේ වයසින් වැඩිම (වයස සාමාන්‍ය අගය) කැබිනට් මණ්ඩලය සහිත පාර්ලිමේන්තුව විය හැකි නිසාය. (තහවුරු කළ යුතුව ඇත)
  5. ලෝකයේ මරණ දඬුවම නියම වූ අයෙකු නීති සම්පාදකයෙකු ලෙස දිවුරුම් දෙන පළමු අවස්ථාව වන නිසාය. මරණ දඬුවම ලැබීම නිසා පළාත් සභා මන්ත්‍රී ධූරය අහිමි වූ (හසිත මුහන්දිරම්) ගේ පළාත නියෝජනය කරන අයෙකුම පළාත් සභාවට වඩා උසස් ආයතනය අද අසුන් ගන්නා නිසාය.
  6. මනුෂ්‍ය ඝාතනයකට චෝදනා ලැබූ අයෙකු ද (පිල්ලෙයාන්) පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා නිසාය
  7. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ නම නිවේදනය නොකර, සභා රැස්වීම ඇරඹෙන නිසාය
  8. ලංකාවේ පක්ෂ ලියාපදිංචියකින් පසුව අඩුම කාලයකින් ආණ්ඩු බලය හෝ විපක්ෂයේ බහුතර බලය ලබාගන්නා පක්ෂයෙන් (සජබ) විපක්ෂ නායක ධූරයට පත්වන නිසාය
  9. මෑත ඉතිහාසයේ අඩුම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව (මන්ත්‍රීවරියන් 12) නිසාය
  10. එකම පවුලේ හය දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා නිසා සහ හත්වන සාමාජිකයෙකු පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙමින් පවතින නිසාය.

රජිත් කීර්ති තෙන්නකෝන්