එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නැති බව අභියාචනාධිකරණය අද(3) ප්‍රකාශයට පත් කර ඇති බව අපට වාර්තා වේ..
අභියාචනාධිකරණ හිටපු සභාපති විනිසුරු විජිත් මලල්ගොඩගේ එකඟතාවය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසිනි.
ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු වූ පෙත්සමක් විභාගයට ලක් කිරීම හේතුවෙන් මෙම නියෝගය ඉදිරිපත්කර තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රීක්කයේ පදිංචි ඡන්දදායකයන් හතර දෙනෙකු විසින් 2015 වසරේ මාර්තු මාසයේදීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරිය නොහැකි බැවින් ගීතා කුමාරසිංහ මහත්මිය හට මන්ත්‍රීධූරයක් දැරිය නොහැකි බව ද එම පෙත්සමේ ප්‍රකාශකර තිබේ.
මෙම පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගීතා කුමාරසිංහ පාර්ශවයේ නීතීඥයින් පවසා සිටියේ මෙය පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවය.
විත්තියේ මෙම විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය විසින් මෙලෙස ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට හිමිකමක් නොමැති බවට තීන්දුව ලබාදෙන ලදී.
මහින්ද මහත්තයගේ අරක්කු කරන දේවල්…
Posted by Info Sri Lanka News on Tuesday, May 2, 2017
[rns_reactions]

